Search

ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන්ගේ නවාතැන් ගැටළුව තවත් උග්‍ර වෙයි ?

ඔස්ට්‍රේලියානු රජය විසින් 2023-24 අධ්‍යයන වර්ෂය සදහා විශ්ව විද්‍යාලවලට බදවා ගන්නා ඡාත්‍යන්‍තර සිසුන් සංඛ්‍යාව සීමා කළද එම ප්‍රමාණය සමස්ත කුලී නිවාස වෙළදපොළෙන් 4% ක් පමණක් වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

නවාතැන් සෙවීම සදහා ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Amber වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවෙන් පැහැදිලි වන්නේ සිසුන්ගේ නවාතැන් සදහා පවතින ඉල්ලුම තවමත් සැපයුම ඉක්මවා යන බවයි.

මෙම වාර්තාව තවදුරටත් පෙන්වා දෙන්නේ සිසුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද නවාතැන්වල (PBSA) සිටින සිසුන් සහ නවාතැන්වල පවතින ඇදන් අනුපාතය 16:1 ක් බවයි.

ජාත්‍යන්තර සිසුන්ගෙන් 83% කට වඩා වැඩි පිරිසක් ප්‍රධාන වශයෙන් සිඩ්නි, මෙල්බන් හා බ්‍රිස්බන් හි වාසය කරන නිසා මෙම නගරවල නවාතැන් සදහා ඉහල ඉල්ලුමක් පවතින බව සදහන්.

සිසුන්ගෙන් 70.3% කට ආසන්න පිරිසක් පෞද්ගලික නවාතැන්වල වාසය කරන අතර විශ්ව විද්‍යාල මගින් සපයන නවාතැන්වල වාසය කරන්නේ 3.2% ක ශිෂ්‍ය ප්‍රජාවක් පමණක් වීම විශේෂත්වයක්.

මෙල්බන් සහ සිඩ්නි වැනි නගරවල කුලී නිවාසවල මිල ඉහල ගොස් ඇති නිසා දේශීය සිසුන්ගෙන් 35% ක් පමණ පවුලේ අය සමග වාසය කරන බවයි මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම වාර්තාවේ අඩංගු දත්ත 2024 වසරේදී ශිෂ්‍ය නවාතැන් කවුන්සිලය (Student Accommodation Council) විසින් ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවට සමාන වන අතර ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය ජාත්‍යන්තට ශිෂ්‍ය ප්‍රජාව පිට පැටවීම අසාධාරණ බවයි වාර්තා වන්නේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »