Search

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

NACC හි අධීක්ෂණ කමිටුවේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී Helen Haines විසින් ඇයට Qantas ගුවන් සමාගම මගින් ලබාදී තිබූ Qantas සභාපතිවරයාගේ විවේකාගාර අවසර පත්‍රය ආපසු ලබාදී තිබුණද ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන් එම අවසර පත්‍රය ආපසු භාරදී නොමැති බවයි වාර්තා වන්නේ.

Qantas ගුවන් සමාගම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට උත්සහ දරන බවත් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඔවුන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට ජනතාව සිතිය හැකි බවයි Helen Haines විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් NACC ප්‍රධානීන් තර්ක කරන්නේ Qantas සමාගම රාජ්‍ය ආයතනයක් නොවන නිසා එවැනි ගැටළුකාරී තත්වය ඇති විය නොහැකි බවයි.

Robodebt යෝජනා ක්‍රමයේ පැමිණිලි සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව ද මීට පෙර ජාතික දූෂණ විරෝධී කොමිසම (NACC) විවේචනයට ලක්ව තිබුණා.

මෙවැනි සිදුවීම් හරහා ජාතික දූෂණ විරෝධී කොමිසම (NACC) කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වී යා හැකි බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »