Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) සදහන් කරන්නේ ඇතැම් ප්‍රදේශවල අධික තාප තරංග (heatwaves) තත්වයක් ඇතිවිය හැකි බවයි.
මෙවැනි තත්වයක් තුළ අද (07) දින මෙල්බන් හි අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් පමණ විය හැකි බවත් වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ක් පමණ විය හැකි බවත් සදහන් වනවා.
උෂ්ණත්වයේ ඉහල යෑම හේතුවෙන් ඇතිවන තාප තරංගවලින් ශරීරයට බලපෑමක් ඇති නොවීම සදහා ශරීරය සිසිල්ව තබාගත යුතු බවයි බටහිර ඔස්ට්‍රේලියානු සංඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.
දහවල් කාලයේ එළිමහන් ක්‍රියාකාරම්වලින් වැළකී සිටීම , හැකි තරම් ජලය පානය කිරීම, ශරීරය උණුසුම් කරන පාන වර්ග භාවිතයෙන් වැළකී සිටීම, සැහැල්ලු ලා පැහැති ලිනන්, කපු වැනි රෙදිවලින් නිමවූ ඇදුම් භාවිතය වැනි ක්‍රියාකාරකම් ඔස්සේ ඔබගේ ශරීරය සිසිල්ව තබාගත හැකි බවයි සදහන් වන්නේ.
නිවසේ කාලය ගතකිරීමේදී ශරීරයට සැහැල්ලු ඇදුම් ඇදීම, හොදින් ස්නානය කිරීම, විදුලි පංකාවක් හෝ වායු සමීකරණ යන්ත්‍රයක් භාවිතා කිරීම හා නින්දට පෙර විනාඩි 10 ක් පාද සීතල වතුරේ තබා සිටීම තුළින් ශරීරය සිසිල්ව තබා ගත හැකියි.