කොවිඩ් ප්‍රතිදේහ හඳුනාගැනීමේ පහසු නව ක්‍රමවේදයක්

කොවිඩ්19 ප්‍රතිදේහ හඳුනාගැනීමේ පහසු සහ ලාභදායී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිනවා.

ඒ සඳහා ශ්‍රී ලාංකික මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියද දායකත්වය සපයා තිබීම විශේෂත්වයක්.

ඇගිල්ලකින් ලබාගන්නා රුධිර බිඳුවකින් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ හඳුනාගැනීමට නම ක්‍රමවේදය සමත්වීම විශේෂත්වයක්.

මෙමගින් කොවිඩ් වෛරසය නොව ඊට එරෙහි ප්‍රතිදේහ හඳුනාගැනී ම සිදුකෙරෙන බවයි ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

කෙටි කාලයක් තුලදී ප්‍රථිඵල වාර්තා ලබාගත හැකිවීමත් එහි නිරවද්‍යභාවය ඉහළ මට්ටමක පැවතීමත් මෙම නව ක්‍රමවේදයේ සුවිශේෂී ලක්ෂණ අතර වනවා.

සාම්පල 3000 කට අධික සංඛ්‍යාවක් යොදාගනිමිනුයි මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ. ඒ සඳහා ශ්‍රී ලංකාව – තායිවානය – කොළොම්බියාව – නෝර්වේ ඇතුලු රටවල් 21 ක දායකත්වය ලබාගෙන තිබීමද විශේෂත්වයක්.

කොවිඩ් මර්දන එන්නත්කරණයේදී මෙම සොයාගැනීම අතිශය වැදගත් බවයි ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »