සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
“AHA | ASA Journals” හි පලවී ඇති මෙම පර්යේෂණ වාර්තාවෙන් අනාවරණය කරන්නේ දිනකට විනාඩි පහක් පමණ ව්‍යායාමවල නිරත වීම රුධිර පීඩනය අවම කිරීමට උපකාරී වන බවයි.
ලොව පුරා අඩු ආයු අනුපාත සහිත මරණ ඇතිවීමට අධි රුධිර පීඩනය ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අධ්‍යයනයේ දී රටවල් 5 ක් නියෝජනය කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 14,726 දෙනෙකුගේ දත්ත විශ්ලේෂණය කර ඇති අතර ඔවුන් දවසේ පැය 24 පුරාම රුධිර පීඩනය මනින උපකරණ පැළද සිටිමින් දෛනික ක්‍රියාකාරකම්වල නිරත වී සිටීම විශේෂත්වයක්.
දත්ත දායකයන්ගේ දෛනික ක්‍රියාකාරකම් පර්යේෂකයන් කාණ්ඩ 6 කට බෙදා ඇති අතර නිදාගැනීම, වාඩි වී සිටීම, සිට ගෙන කාලය ගතකිරීම වැනි ශරීරයේ කෙටි චලනයන් සිදුවන ක්‍රියාකාරකම් සහ සෙමින් ඇවිදීම, වේගයෙන් ඇවිදීම සහ ශරීරයට ඉහල බලපෑමක් ඇතිකරන ව්‍යායාම්වල නිරත වීම යනාදිය ඒ අතරට අයත්.
ශරීරයේ කෙටි චලනයන් සිදුවන ක්‍රියාකාරකම් වෙනුවට විනාඩි 20 – 27 අතර කාලයක් ඉහලට ඇවිදීම, පඩිපෙල් නැගීම, දිවීම හෝ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් කාලයත් සමග ශරීරයේ රුධිර පීඩනය සැලකිය යුතු මට්ටමකින් අවම කරගත හැකි බවට මෙම පර්යේෂණයෙන් සනාථ වී තිබෙනවා.
මේ ඔස්සේ හෘද වාහිනී රෝග (Cardiovascular) ඇතිවීමේ අවදානමද 28% කින් අවම කරන බව වැඩිදුරටත් සදහන්.