Search

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා.

එහි ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 198 යි ශත 38 ක් ලෙසයි.

ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 188 යි ශත 89 ක් ලෙසයි.

ඒ අනුව නොවැම්බර් 7 වනදා අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ සටහන් වූයේ රුපියල් 297 යි ශත 48 ක් ලෙස වන අතර එහි ගැණුම් මිල රුපියල් 288 යි ශත 40 ක් වනවා.

ඒ අනුව පසුගිය සතිය තුළ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අවම විකුණුම් අගය රුපියල් 197 ක් වු අතර මේ වන විට සුලු පහත වැටීමක් සිදුව ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ

එම වාර්තා අනුව යූරෝවක විකුණුම් මිල රුපියල් 320.94 වන අතර එහි ගැණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 308 ක් ලෙසයි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »