
මෙල්බන් නගරයේ නගරාධිපති ධූරය සදහා පැවති මැතිවරණයෙන් හිටපු නගරාධිපති Nick Reece ජයග්‍රහණය කර ඇති බවට වාර්තා වෙනවා.
මෙවර මැතිවරණය සදහා අපේක්ෂකයින් 11 දෙනෙක් ඉදිරිපත් වූ අතර හිටපු AFL ක්‍රීඩක Anthony Koutufides සහ හිටපු නියෝජ්‍ය නගරාධිපති Arron Wood ඇතුළු ප්‍රබලයින් අපේක්ෂක ලැයිස්තූවට ඇතුලත්ව සිටීම විශේෂත්වයක්.
අද (07) දිනයේදී මැතිවරණ ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් වූ අතර උප නගරාධිපති ධූරය සදහා Roshana Campell තේරී පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

හිටපු නගරාධිපති Sally Capp ජූනි මාසයේදී ඉවත්වීමත් සමග ඉතිරි කාලසීමාව සදහා නගරාධිපති ධූරයේ කටයුතු කළේ Nick Reece විසිනි.
මෙවර මැතිවරණයට පෙර ඔහු පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීම සදහා ක්‍රමවේදයක් ආරම්භ කිරීම, Regent රගහලේ නගරයේ කොටස විකිණීම, පොදු පිහිනුම් තටාක සදහා ඇතුල්වීමේ ගාස්තුව ඩොලර් 2 දක්වා අඩුකිරීම වැනි ප්‍රතිපත්ති රාශියක් ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු වී තිබෙනවා.

Kevin Lourey, Owen Guest, Olivia Ball Gladys Liu, Phillip Le Liu, Mark Scott, Refael Camillo, Andrew Rowse සහ Davvydd Griffiths සෙසු මන්ත්‍රී ධූර සදහා තේරී පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.