Search

ලිංගික ශ්‍රමික කාන්තාවන් දෙදෙනෙක් ඝාතනයට මෙල්බන් ජාත්‍යන්තර සිසුවෙක්ට සිරදඩුවම්

ලිංගික ශ්‍රමික කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ මෙල්බන් පදිංචි ජාත්‍යන්තර සිසුවෙකුට වසර නවයක සිරදඬුවම් නියම කර තිබෙනවා.

පැය 24ක් ඇතුළත ලිංගික ශ්‍රමිකයන් දෙදෙනකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම චීන සිසුවාට චෝදනා එල්ලවී තිබූ බවයි සඳහන් වන්නේ.

සැකකාර 24 හැවිරිදි සිසුවා පසුගිය ජූලි මාසයේදී මෙම මනුෂ්‍ය ඝාතන දෙක සම්බන්ධයෙන් චෝදනා පිළිගැනීමෙන් පසු අද අධිකරණයේදී වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මියගොස් ඇති අවුරුදු 31 සහ 51 වයස්වල පසු වූ කාන්තාවන් දෙදෙනාම ඔවුන්ගේ නිවාසවලින් පිටත තම සේවා පවත්වාගෙන ගිය ලිංගික ශ්‍රමිකයන් වූ බව සඳහන්.

2022 වසරේ දෙසැම්බර් 27 වනදා මෙල්බන් ඕක්ලී ප්‍රදේශයේ ගණිකා නිවාසයකට ගිය සැකකාර සිසුවා එක් කාන්තාවකගෙන් වැඩිදුර සේවා ඉල්ලා ඇති අතර ඊට අමතර ඩොලර් 100ක් වැය වන බවට පැවසීම හේතුවෙන් ඇයගේ ගෙළ මිරිකා ඝාතනය කර තිබෙනවා.

අනෙක් කාන්තාව තම මහල් නිවාසයේ මියගොස් සිටි අතර ඇයට පහරදී ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම ඝාතනවලට අදාළව සැකකාර සිසුවා දැනටමත් වසර දෙකක පමණ කාලයක් සිරගතව සිට ඇති බැවින් වසර 7කින් දඬුවම අවසන් වී නිදහස් වනු ඇති බව සඳහන්.