Search

සමාජ මාධ්‍ය භාවිතයේ අවම වයස ගැන, අවසන් තීරණය අගමැති කියයි

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කරන අවම වයස් සීමාව වයස අවුරුදු 16 ලෙස ප්‍රකාශයට පත් කිරීමට අගමැති ඇල්බනීස් එකගතාව පල කර තිබෙනවා.

ඒ අනුව අවම වයස්සීමාව නීති ගත කිරිමේ පනත් කෙටුම්පත මේ මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

යෝජිත නීතිය යටතේ දැනටමත් සමාජ මාධ්‍ය ගිණුම් ඇති හෝ දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව සමාජ මාධ්‍ය භාවිත කරන අවුරුදු 16ට අඩු දරුවන් සඳහා කිසිදු ලිහිල් කිරීමක් සිදු නොකරන බවයි වාර්තා වන්නේ.

තවද මේ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජිත වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නායකයින් ඇතුළු විශේෂ කැබිනට් රැස්වීමක් හෙට පැවැත්වීමf නියමිතයි

මෙම වසර අවසානය වන විට අවුරුදු 16ට අඩු නව යොවුන් වියේ පසුවන්නන් සමාජ මාධ්‍ය භාවිතයෙන් වලක්වා ගත හැකි බවටයි පුරෝකතනය කර ඇත්තේ.

තවද මෙම නීතිය බලාත්මක වු පසු ඒ පිළිබඳ සමාලෝචන සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ඇන්තනී ඇල්බනීස් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

සමහර සමාජ මාධ්‍ය වේදිකා දැනටමත් වයස අවුරුදු 14ට අඩු දරුවන්ට සම්බන්ධ වීම වළක්වන ප්‍රතිපත්ති ඇතත් ඒවා බලාත්මක කිරිමක් සිදු නොවන අතර නව නීති යටතේ ඒ සම්බන්ධ පූර්ණ ඉදිරි පියවරයන් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »