මෙල්බර්න් ද්විත්ව ඝාතන නඩුව විසඳීමට ඩොලර් මිලියනයක ත්‍යාගයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් ද්විත්ව ඝාතන නඩුව විසඳීමට ඩොලර් මිලියනයක ත්‍යාගයක්

මෙල්බර්න් ද්විත්ව ඝාතන නඩුව විසඳීමට ඩොලර් මිලියනයක ත්‍යාගයක්

දශක තුනකට පෙර මෙල්බර්න් හි ගිනිකොන දෙසින් ඝාතනයවූ සහෝදරයෙකු සහ සහෝදරියකගේ ද්විත්ව ඝාතන නඩුව විසඳීම සඳහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් පිරිනැමේ.

ඩොරිස් මැකාර්ට්නි සහ රොනල්ඩ් ස්වන් 1989 ඔක්තෝබර් 22 වන දින මොරබ්බින් හි කීත් වීදියේ නිවසේදී මියගොස් සිටියහ.

මැකාට්නි මහත්මියගේ මිතුරෙකු මෙම යුවළගේ සිරුරු සොයාගෙන පොලිසියට දැනුම් දී තිබිණ.

වික්ටෝරියා පොලිසියේ ප්‍රධාන කොමසාරිස්  පවසන්නේ මෙතෙක් විසඳී නොමැති මෙම මරණ පිලිබඳ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක් දක්වා ත්‍යාගයක් ගෙවන බවයි.

ඩොරිස් මැකාර්ට්නි සහ රොනල්ඩ් ස්වන්ගේ ඝාතන පිළිබඳ තොරතුරු ඇති ඕනෑම අයෙකුට 1800 333 000 අංකය හරහා තොරතුරු දිය හැකිය.

COMMENTS