
හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 279 ක බලය තමන් යටතට පත් කර ගනිමින්.
අමෙරිකානු ජනපතිවරණට මෙවර විශාල අවධානයක් හිමිවුණේ, ලොව යුද ගැටුම් නිවීමට ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන් පසුබිමකයි.

ධවල මන්දිර බලය තහවුරු කර ගැනිමට උප ජනපතිනී කමලා හැරිස් තියුණු සටනක් දෙනු ඇතැයි මුළදී පුරෝකථනය කෙරුණත්, ඇයට ජයග්‍රහනය කළ හැකිව ඇති ආසන සංඛ්‍යාව 223 ක්.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා අවම වශයෙන් ගත යුතු ආසන සංඛ්‍යාව 270ක්.

මේ වන විට ආසන 279ක බලය තහවුරු කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව සිටිනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගත ම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත වනවා.
1946 ජූනි 14 වන දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසු වනවා
දෙවන ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස 83ක් වනු ඇති බව සදහන්.
හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධූරයට තේරී පත් වන විට 77 වන වියේ පසු වුණා.