Search

Summer හිදී විනෝදයෙන් ගත කරන්න මෙල්බන් වාසීන් යා යුතු තැන් මෙන්න

“Australian Traveller” වෙබ් අඩවිය විසින් ග්‍රීෂ්ම සෘතුවේදී (Summer) මෙල්බන් අවට විනෝදයෙන් කාලය ගත කරන පුද්ගලයන් යා යුතු හොදම අවන්හල් , හෝටල් සහ නවාතැන් පිළිබදව සදහන් කර තිබෙනවා.

මෙල්බන් හි පිහිටා තිබෙන “Morena Barra” ලතින් ඇමරිකානු අවන්හලට මෙහි ප්‍රමුඛස්ථානයක් හිමිව තිබෙනවා.

Exhibition වීදියේ පිහිටි “Farmer’s Daughters rooftop” අවන්හලට පැමිණීමෙන් දහවල් සහ සන්ධ්‍යා කාලයේදී වෙනස්ම දර්ශනයක් නරඹමින් විවේකීව කාලය ගත කළ හැකි බව වෙබ් අඩවියේ සදහන් කර තිබෙනවා.

Yara ගගේ පිහිටා ඇති Ponyfish Island සහ Yarra Botanica යන පාවෙන අවන්හල් වෙත පැමිණීමෙන් ග්‍රීෂ්ම සෘතුවේ (Summer) වෙනස්ම අත්දැකීමක් ලබාගත හැකි බව මෙම වෙබ් අඩවියේ වැඩිදුරටත් සදහන්.

මෙල්බන් හි පිහිටි Le Meridien හෝටලය සහ Queen වීදියේ පිහිටි Vibe හෝටලයද මෙම ස්ථාන අතරට ඇතුලත් වී තිබීම විශේෂත්වයක්.

මෙල්බන් හි පිහිටි “Fairfield Park Boat House” Yara ගගේ බෝට්ටු සවාරියක් යමින් වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබාගත හැකි අපූරු ස්ථානයක් බවට මෙම වෙබ් අඩවියේ සදහන් වී තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »