ලංකාවේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තු වැඩිවෙයි ?

විවාහ ලියාපදිංචි කිරීම වෙනුවෙන් හා දේවස්ථානයකදී සිදුවන විවාහ ලියාපදිංචිය වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු වැඩි කිරීම සඳහා ජනපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කරමින් අනුමැතිය ඉල්ලා තිබේ.

ඒ අනුව විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක් ගත වූ පසු විවාහයක් ලියාපදිංචි කිරීමේදී විවාහ රෙජිස්ටාර්වරයාට ගෙවනු ලබන ගාස්තුව රුපියල් 2500ක් ලෙස සංශෝධනය කිරීමට අනුමැතිය ඉල්ලා තිබේ.

එමෙන්ම විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක පෙර පාර්ශ්වකරුවන්ගේ නිවසේදී විවාහනය ලියාපදිංචි කරන්නේ නම් අඑම පාර්ශ්වකරුවන්ගේ අයකරන ගාස්තුවද රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.

2015 සිට මේ දක්වා මේ සඳහා අයකර ඇත්තේද රුපියල් 50ක මුදලකි.

රෙජිස්ටාර්වරයාට ගෙවන ගාස්තුවද රුපියල් රුපියල් 2500ක් ලෙස වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.

විවාහ දැන්වීම භාරදී සම්පූර්ණ දින 12ක ගතවූ පසු උත්සව ශාලාවකදී විවාහය ලියාපදිංචි කරන්නේ නම් ඒ සඳහා අයකරන ගාස්තුව රුපියල් 1500ක් ලෙස සංශෝධණය කිරීම සුදුසු බව නිර්දේශ කර තිබේ.

2012 සිට මේ සඳහා අයකර ඇත්තේ රුපියල් 50කි.

එසේම එම අවස්ථාවේදී විවාහ රෙජිස්ටාර්වරයා ගෙවන ගාස්තුව රුපියල් 3500ක් ලෙස සංශෝධනය කිරීම සුදුු බව නිර්දේශ කර ඇත.

මිට අමතරව දේවස්ථානයේදී සිදුවන විවාහයක් ලියාපාදිංදි කිරීමේදී අයකරනු ලැබූ රුපියල් 750ක මුද්දර ගාස්තුව රුපියල් 1500ක් දක්වා වැඩි කිරීමටත් නිර්දේශ කර තිබේ.

විවාහ දැන්වීම් භාරදී සම්පූර්ණ දින 12ක් ගතවූ පසු රෙජිස්ටාර්වරයාගේ කාර්යාලයට පැමිණ සිදුකරන විවාහ ගාස්තුවල වෙනසක් සිදු කරනු නොලබන බව දන්වා තිබේ.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »