
දින තුනක සිට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දියේ ගිලි අතුරුදන්ව සිටි 11හැවිරිදි පිරිමි ළමයාගේ දේහය මේ වන විට සොයාගෙන තිබෙනවා.
පසුගිය ඉරිදා දින NSW හි චාරිකාවක නිරත වූ පවුලක් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබෙනවා.
NSW මධ්‍යම වෙරළ තිරයේදි සිය පවුලේ අය සමග විනෝද වෙමින් සිටියදී මෙම දරුවා මෙලෙස අවාසනාවන්ත සිදුවීමට ලක්වුණා.

පිය සහ දරුවන් සිව් දෙනෙක් මෙලෙස මුහුදේ විනෝද වෙමින් සිට ඇති අතර ඉන් වැඩිමහල් දරුවා මෙලෙස මුහුදට ගසාගෙන ගොස් තිබුණා.
අවට සිටි පුද්ගලයින්ගේ සහයෙන් අනෙක් දරුවන් සහ පියා බේරා ගැනීමට හැකිව තිබුණද මුහුදට ගසාගිය දරුවාගේ දේහය සොයා පොලිසිය ඇතුලු නාවික හමුදා නිලධාරීන් මහත් පරිශ්‍රමයක් ගත් බවයි වාර්තා වන්නේ.

ජීවිතාරක්ෂක සාමාජිකයින්ගේ සහාය ඇතිව පොලිසිය සහ ගුවන් සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර
ගලවාගැනීමේ හෙලිකොප්ටර් යානා දෙකක් ද සෝදිසි මෙහෙයුමට සම්බන්ධව තිබුණා.
මේ දින වල පවතින උෂ්ණත්වයත් සමග බොහෝ පිරිස් මුහුදු ප්‍රදේශ වලට පැමිණෙන අතර ජනතාව දියේ ගිලීම් අනතුරු සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.