සූවස් ඇළේ නැව් ගමනාගමනය යළි ඇරඹේ – AusLanka TV – Australian News for the Sri Lankan community

සූවස් ඇළේ නැව් ගමනාගමනය යළි ඇරඹේ

සූවස් ඇළේ නැව් ගමනාගමනය යළි ඇරඹේ

කන්ටේනර් බහාලුමක් අවහිරවීමත් සමග සතියකට ආසන්න කාලයක් ඇණහිට තිබූ සුවස් ඇළේ නෞකා ගමනාගමනය නැවත ආරම්භ වී තිබෙනවා.

එවර් ගිවන් නෞකාවද නැවතත් නෙදර්ලන්තය බලා ගමන් කිරීමට නියමිතයි.

ඊට පෙර එය පූර්ණ සෝදිසියකට ලක් කිරීමට නියමිතව ඇත්තේ නෞකා බඳට හෝ වෙනත් ස්ථානවලට හානි සිදුව ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහායි.

අනතුරුව එය එහි ගමනාන්තය වන නෙදර්ලන්තය දක්වා ගමන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මෙතෙක් රතු මුහුද ආශ්‍රිතව නැංගුරම් ලා තිබූ නෞකා 300 කට ආසන්න සංඛ්‍යාවක් යළිත් සිය ගමනාන්ත කරා ගමන් කිරීමද ආරම්භ කර තිබෙනවා.

පසුගිය සතියේ අගහරුවාදා වැලි පරයක ගැටීමෙන් සූවස් ඇළ අවහිර කල මීටර් 400 ක දිගකින් යුත් එවර් ගිවන් නෞකාව නැවතත් ගමන් මාර්ගයට යොමු කිරීමට හැකිවූයේ ටග් යාත්‍රා 15 කට ආසන්න සංඛ්‍යාවක් යොදා එය ඉවතට ගැනීමත් සමගයි.

COMMENTS