
ඇමරිකානු ජනපතිවරණ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අමෙරිකා එක්සත් ජනපද ප්‍රාන්තවල විවිධ ලෙස ජය තහවුරු කරගෙන යමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
මේ වන විට උතුරු කැරොලිනාහි ජය තහවුරු කර ගැනීමට ට්‍රම්ප් සමත්ව තිබෙනවා.

මේ වන විට, හැරිස් සහ ට්‍රම්ප් ඔවුන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කළ ප්‍රාන්ත සුරක්ෂිත කර ඇතත්, ප්‍රධාන ප්‍රාන්ත හත ජයග්‍රහණය කරන්නායි අමෙරිකානු ජනපති බවට පත්වන්නේ.
හැරිස් කාන්තා ඡන්ද දායකයින් සමඟ ඉදිරියෙන් සිටන නමුත් විශාල පරතරයක් පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවයි දැනට ලැබී ඇති ගණනය කිරීම් වලදී පෙනී යන්නේ.

ඇමරිකානු ප්‍රාන්ත 50න් 40 ක ඡන්දය ප්‍රකාශ කිරීම මේ වන විට අවසන් කර ඇති අතර, සමහර ප්‍රාන්තවල නිල ඡන්ද ප්‍රතිඵලයල ලැබීමට දින ගණනක් යන බවත් වාර්තා වනවා.