Search

අද සිට ශ්‍රී ලංකාවේ Passport ගන්න වෙන්නෙ මෙහෙමයි

අද (06) සිට ශ්‍රී ලංකාවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය  ක්‍රියාත්මක වනවා.

ඒ අනුව  www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුයි.

අද සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිට බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකි වන බව සදහන්

නව ගමන් බලපත් අයදුම්කරුවන්,දැනටමත් ගමන් බලපත්‍රක් හිමි,නැතිවු ගමන් බලපත් සඳහා ද නව ක්‍රමවේද‍ය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බවයි වාර්තා වන්නේ.

ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විම් අනිවාර්යයි.

ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙන බව සඳහන්.

අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට ප්‍රධාන කාර්‍යාලය, මාතර, නුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වනවා.

එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි වීම අනිවාර්යයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »