
මෙල්බන් හි කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ජනතාවට ඩොලර් දහස් ගණන් වටිනා වව්චර්පත් ලබා දී මේ පුවතක් ඇඩිලේඩ් වලින් වාර්තා වනවා.
ව්‍යාපාරික ඇඩ්‍රියන් පෝටෙලි විසින් මෙම අවස්ථාව ඇඩිලේඩ් හි ජනතාවට හිමිකර දී ඇති අතර ඔහු විසින් මෙවැනි දෙයක් කළ පළමු අවස්ථාව ද මෙය නොවෙයි.
35 හැවිරිදි මෙල්බර්න් ව්‍යාපාරික ඇඩ්‍රියන් පෝටෙලි ජනතාව අතර “Lambo Guy” ලෙසද ප්‍රසිද්ධයි.

Coles Munno සහ Port Adelaide හි අද ඩොලර් 100 ත් ඩොලර් 200ත් අතර වව්චරපත් බෙදාදීම එහිදි සිදුවනු ඇති.
අවශ්‍යතා ඇති පුද්ගලයින් සදහා ඩොලර් 75,000 දක්වා වව්චර ලබා දෙනවා යැයි ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි සදහන් කර තිබුණා.

මේ හේතුවෙන් අද බොහෝ දෙනෙක් ඔහු පැමිණෙනවා යැයි සදහන් වෙළදසැල් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.