
වාර්ෂිකව එළිදක්වනු ලබන Henley Passport Index දර්ශකයේ නවතම සංස්කරණය පසුගිය ඔක්තෝබර් මස අවසානයේ දී එළිදක්වනු ලැබුවා.
පූර්ව වීසා අවශ්‍යතා නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව අනුවයි Henley Passport Index විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය සිංගප්පූරු ගමන් බලපත්‍රය හිමිකරගෙන ඇති අතර ලොව පුරා ගමනාන්ත 227 න් 195 කට වීසා රහිතව හෝ පැමිණීමේ දී විසා ලබා ගැනීමේ (visa-on-arrival) ප්‍රවේශය හිමිව ඇති බව සදහන්

මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ජපානය හිමිකරගෙන තිබුනද මෙවර ජපානයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේණිගත කිරීමේ 95 වෙනි ස්ථානය හිමිව තිබු අතර ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයකට වීසා රහිත ප්‍රවේශය හිමි ගමනාන්ත සංඛ්‍යාව 44 ක්.

ඔස්ට්‍රේලියාවට එම ශ්‍රේණිගත කිරීමේ 5වන ස්ථානය හිමිව ඇති අතර වීසා රහිත ප්‍රවේශ හිමි ගමනාන්ත 189ක් ඔස්ට්‍රේලියානු ගමන්බලපත්‍රයට හිමිව තිබෙනවා.
Henley Passport Index හි අවසාන ස්ථානයට හෙවත් 105 වෙනි තැනට ඇෆ්ගනිස්තාන ගමන් බලපත්‍රය පත්ව ඇති අතර ඊට පූර්ව වීසා රහිත ප්‍රවේශය හිමිව ඇත්තේ ගමනාන්ත 26කට පමණයි.