
ඔස්ට්‍රේලියානු රජය විසින් ක්‍රීඩාංගණවල පවතින ඉලෙක්ට්‍රොනික පැති දැන්වීම් (in stadium electronic sideline advertisements) තහනම් කිරීමට සූදානම් වනවා.
ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාකාරකම් සදහා පුළුල් තහනමක් අවශ්‍ය බවට පසුපෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
AFL සහ NRL තරගාවලි අතරතුර දී ක්‍රීඩාංගණ තුළ පවතින විද්‍යුත් පැති දැන්වීම් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව සදහන්.

මෙම පියවර ඔස්සේ online sports betting සමාගම් විසින් පලකරන විශාල ප්‍රේක්ෂක අවධානයක් ලබාගත හැකි ආකර්ෂනීය ඩිජිටල් වෙළද දැන්වීම් නැවැත්විය හැකි බවට සදහන් වනවා.
ඔට්ටු ඇල්ලීමේ සමාගම්වල ලාංජන ක්‍රීඩා කණ්ඩායම්වල නිල ඇදුමෙන් ඉවත් කිරීමට අවශ්‍ය සැලසුමක් පිළිබදව ද සන්නිවේදන අමාත්‍ය Michelle Rowland විසින් අවධානයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

මෙම පියවර දෙක ක්‍රියාත්මක වීම සදහා ප්‍රාන්ත ආණ්ඩුවල මෙන්ම ප්‍රාදේශීය ආණ්ඩුවල එකඟතාවය අවශ්‍ය වන බව ද සදහන්.