
ඇමෙරිකාවේ මීලඟ පාලකයා කවුරුන්ද යන වග තීරණය කරන ඇමරිකානු ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරීමේ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඇමරිකා ජනධිපතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරිම තවත් පැය කිහිපයකින් අවසන්වීමට නියමිතයි.
මෙවර ජනාධිපතිවරණයට පෙර පැවති මත විමසුම්වලින් පෙනී ගියේ මීළග ජනාධිපතිවරයා කවුරුන්ද යන වග සුළු ඡන්ද ප්‍රමාණයකින් තීරණය විය හැකි බවයි.

මිලියන 80කට අධික පිරිසක් පූර්ව ජන්දය ප්‍රකාශ කර තිබුණා.
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් ද එළෙස පූර්ව ජන්දය ප්‍රකාශය කළ පිරිස අතර වනවා.

මෙවර ජන්දය කමලා හැරිස් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර උණුසුම් සටණක්ව පැවතියා.
2020 වසරේ සිට මැතිවරණ කටයුතුවල සිදුකර ඇති වෙනස්කම් මත පදනම්ව මෙවර ජනාධිපතිවරණයේදී ඇතැම් ප්‍රාන්තවලට මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවට වාර්තා වනවා.
මෙවර ජනාධිපතිවරණයේදී ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින්, ජෝර්ජියා, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා හා නෙවාඩා යන පාවෙන ඡන්ද සහිත ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵල තීරණාත්මක වන බවයි වාර්තා වන්නේ.
මැතිවරණ දිනයේ ප්‍රකාශයට පත් කළ ඡන්ද පළමුවෙන් ගණනය කරන අතර පසුව මැතිවරණ දිනයට පෙර දිනයේ ප්‍රකාශයට පත්කරන ඡන්ද ගණනය කිරීම සිදුකරනු ලබනවා.
අභිනවයෙන් බලයට පත්වන නව ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය සිදුවන්නේ 2025 වසරේ ජනවාරි 20 වන සදුදා දිනයේදී වීම විශේෂත්වයක්.
සමස්ත ප්‍රතිපලය නිකුත්වීමට තවත් දින කිහිපයක් ගතවන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
උපුටා ගැනීම් -BBC සිංහල