
වික්ටෝරියා ප්‍රාන්තයේ Stronger Medicare සම්මාන උළෙලේ දී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන නලින් ෆොන්සේකා ද සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 4 දින Medicare Champions in Canberra ලෙස නම් කර එම උත්සවයේදි නිර්දේශිත වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් කාර්යමණ්ඩල සාමාජිකයින්ට ඔහුන්ට හිමි සම්මාන හිමි වු අතර කලාපය තුළ සෞඛ්‍ය සේවා නගා සිටුවීම සඳහා ඔහුගේ දායකත්වය අනුවයි මෙම සම්මාන හිමි වුණේ.
වෛද්‍ය නලින් ෆොන්සේකා වික්ටෝරියා ප්‍රාන්තයේ Mildura හි සේවය කරන අතර ඔහු 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙක්.

වසර 18ක සේවා කාලයක් සම්පූර්ණ කළ වෛද්‍ය නලින් ෆොන්සේකා Broken Hill, Dareton හි සේවය කර ඇති අතර වර්ථමානයේ දී Mildura හි සේවය කරනවා.
මේ සදහා වික්ටෝරියා හි වෛද්‍යවරුන් 140කගේ පමණ නාමයෝජනා ඉදිරිපත්ව ඇති අතර වෛද්‍ය නලින් ෆොන්සේකා සදහන් කළේ මෙය තනි පුද්ගල ජයක් නොව කණ්ඩායම් ජයග්‍රාහකයක් බවයි.

මෙඩිකෙයා හි 40 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් විසින් ජයග්‍රාහකයින් සදහා සම්මාන පිරිණැමුවා.
තරඟාවලියේ අවසන් තරඟකරුවන් 37 දෙනෙකු සිටි අතර සමස්ත ජයග්‍රාහකයින් 20 දෙනෙක් මෙලෙස සම්මානයට පාත්‍ර වුණා.
මේ අතර සිටි එකම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා වූයේ
වෛද්‍ය නලින් ෆොන්සේකා වන අතර මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තමන්ගේ දෛනික රාජකාරි වලදී දියවැඩියාවෙන් පෙළෙන ලෙඩුන් මෙන්ම මානසික ආතතියන්ට පත් රෝගීන් කෙරේ වැඩි අවදානයක් යොමු කරමින් ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සදහා කැපවී සිටින බවයි.