කොවිඩ් වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන්

කොවිඩ් 19 වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇත්තේ වවුලන් මාර්ගයෙන් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසන් නිගමනයකට එළැඹී තිබෙනවා.

එමෙන්ම වවුලන්ට වෛරසය වැළඳී ඇත්තේ වෙනත් සත්ව කොට්ඨශයකින් බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

මේ අනුව චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයකින් කොව්ඩ් වෛරසය බාහිර පරිසරයට මුදාහරින්නට ඇතැයි යන තර්කය බිඳ වැටෙන බවයි විද්‍යාඥයන් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කලේ.

එමෙන්ම තම රටෙන් බැහැර ස්ථානයකදී කොවිඩ් වෛරසයේ මූලාරම්භය සනිටුහන් වන්නට ඇති බවට චීනය ගොඩනගා තිබූ තර්කයද එමගින් බිඳ වැටෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවට අන්තර්ගතයි.

කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ ආරම්භය පිළිබඳ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් සඳහන් කලා.

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »

සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඉලොන් මස්ක්ගේ සාමාන්‍ය දැනීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමේ දර්ශන ඇතුලත් වීඩියෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ඉලොන් මස්ක්ට චෝදනා එල්ල කර තිබෙනවා.

Read More »