
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින ලැව් ගිනි අවදානම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹ කලාපය තුළ අද (06) දිනට බලපැවැත්වෙන පරිදි ගිනි තැබීම් තහනම් (Fire ban) කර තිබෙනවා.
අද දිනයේ දී වික්ටෝරියා හි Mallee ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් දක්වා ඉහල යා හැකි බැවින් එම ප්‍රදේශය තුළ ලැව් ගිනි ඇත්වීමේ දැඩි අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ සුළං සහිත උණුසුම් කාලගුණික තත්වයක් පවතින බවත් උෂ්ණත්වයේ ඉහල යෑමක් ද සිදුවන බවයි සදහන් වන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මධ්‍යම කලාපයේ පිහිටි ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් දක්වා ද උස් බිම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 90 ක් දක්වා ඉහල යා හැකි බව වාර්තා වනවා.
ප්‍රාන්ත ගිනි නිවීමේ අධිකාරියේ (CFA) හි ප්‍රධාන නිලධාරී Jeson Heffernan සදහන් කළේ විදුලි කෙටීම් හේතුවෙන් ගින්නක් ඇති වුවහොත් එය පාලනය කිරීම ගිනි නිවන භටයන්ට අපහසු කටයුත්තක් වන බවයි.

මෙම තහනම යටතේ එළිමහනේ ගින්නක් දැල්වීම ඇතුලු ගින්නක් ඇතිවිය හැකි ඕනෑම ක්‍රියාකාරකමක නිරත වීම නීති විරෝධී බවයි සදහන් වන්නේ.