
“Sydney Thunders” ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ක්‍රීඩා හා සංස්කෘතික උළෙලක් සදහා චමරි අතපත්තු ඇතුලු ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.
නොවැම්බර් 17 වනදා සවස 1.00 – සිට 5.00 දක්වා Drummoyne Oval සහ Taplin Park හිදී මෙම සංස්කෘතික උළෙල පැවැත්වෙනවා.
මෙම ක්‍රීඩා හා සංස්කෘතික උළෙල ආහාර පාන, Bangra සහ බොලිවුඩ් නර්තනාංග, Henna සහ Face painting, ටේප් පන්දු ක්‍රිකට් තරග, කුඩා ළමුන් සදහා ක්‍රිකට් පුහුණු කදවුරු ආදී විශේෂාංග රැසකින් සමන්විත වන බව සදහන්.

මේ සදහා චමරි අතපත්තු මෙන්ම ඉන්දීය කාන්තා කණ්ඩායම නියෝජනය කරන Deepthi Sharma, Yastika Bhathia , Jemimah Rodrigues සහ Shikha Pansey ඇතුළු ක්‍රීඩිකාවන් රැසක් සහභාහී වීමට නියමතයි.
මෙය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කරන නවකයන් සහභාගී විය යුතුම සැණකෙළියක් බවයි මෙවර Sydney Thunders කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු ප්‍රකාශ කර ඇත්තේ.

නොවැම්වර් 10 සහ 17 දෙදින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සහභාගී වන තරග දෙකේදීම ඇයගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් “Chamari Bay” නමින් ස්ථානයක් ස්ථාපිත කර තිබෙන බව ද වාර්තා වෙනවා.