Search

ඇඳුමක් නිසා සැත්කම් 8ක් සිදුකළ වික්ටෝරියානු දරුවා

පැළද සිටි ඇදුමක් නිසා ශරීරයට ගිනි ඇවිලීම හේතුවෙන් 12 හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතල පිළිස්සීමේ තුවාල සිදුවීමේ පුවත්ක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

එනම් Polyester jumper නම් ඇදුමට ගිනි ඇවිලීම හේතුවෙන් බරපතල පිලිස්සීම් තුවාල ලැබු දරැවා සැත්කම් 8කට පමණ භාජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසු අනතුරට පත් දරුවාගේ දෙමාපියන් විසිම් දරුවන්ගේ ඇදුම් හි පවතින අන්තරායක තත්වයන් සම්බන්ධයෙන් දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා.

විශේෂයෙන් දරුවන්ට ඇදුම් තේරීමේ දී බාහිර අලංකාරය පමණක් නොව වහා ගිණි ඇවිලීම් සම්බන්ධ ලේබල පරික්ෂා කරන ලෙසයි ඔවුන් අනෙක් දෙමාපියන්ට උපදෙස් ලබා දෙන්නේ.

ලයිටරයක් අතැතිව සිටි දරුවාට ඒ අවස්තාවේ ඇද සිටි ඇදුමෙහි දැවෙන පොලියෙස්ටර් ද්‍රව්‍යයකින් අන්තර්ගතවීම නිසා මෙම ගිනිගැනීම සිදුව තිබු බවට අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ගිණිගැනීම සිදුවන අවස්ථාවේදී නිවසේ සිටි 14 හැවිරිදි සොහොයුරිය විසින් නිවසේ වු වතුර බටයකින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර ඒ වල විටත් එම දරුවා බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ අවුරුදු 15ට අඩු ළමුන් 1000කට අධික පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, වරක් දැල්වූ විට වහා ගිණිඇවිලෙන සුලු නයිලෝන් සහ පොලියෙස්ටර් වැනි කෘතිම ද්‍රව්‍යවලින් පරිස්සම් වන ලෙස දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »