ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 08 ක් – දැනට 78 ක් රෝහල්වල

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 08 දෙනෙකු හමුවී තිබෙනවා.

ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk පැවසුවේ ඉන් 06 දෙනෙකුම පෙර ආසාධිතයන්ගේ සමීපතමයන් බවයි.

මේ අනුව දැනට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රෝහල්වල සිටින ආසාධිතයන් ගණන 78 ක්.

මෙම පිරිස පොකුරු 02 කට අයත්වන බවද ආණ්ඩුකාරවරිය කියාසිටියා.

එම පොකුරු දෙකම එකම රෝහලකට සම්බන්ධ බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

එහි එක් හෙදියක ඉන්දියාවේ සිට පැමිණ ඇති බවද සඳහන්.

 

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »