
අද දිනයේ මෙල්බන් සහ අවට ප්‍රදේශවල තෘණ පරාග මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් හේ ෆීවර් සහ ඇදුම රෝගයෙන් පෙළෙන්නන්ට විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසටයි අනතුරු අඟවා ඇත්තේ.
මලී සහ ගිප්ස්ලන්ඩ් ප්‍රදේශවල මෙම අවදානම ඉහළ මට්ටමක පවතින අතර වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මෙම අවදානම් තත්වය පවතිනවා.

මෙල්බර්න් හි තෘණ පරාග මට්ටම පිළිබඳ පුරෝකථනයට අනුව පරාග සමයේ වර්තමාන තත්වය පසුගිය දිනවලට වඩා වැඩි බවයි පෙන්නුම් කර ඇත්තේ.
සාමාන්‍යයෙන් මෙල්බන් සහ ඒ අවට ප්‍රදේශවලට සෑම වසරකම නොවැම්බර් මාසය හේ ෆීවර් සමය වන අතර එම කාලය තුළ දින 20ක් පමණ මෙම තෘණ පරාග අවදානම් මට්ටම පවතිනවා.

වර්ෂාපතනය පවතින බවට අනාවැකි පළ කර ඇති බැවින් මෙවර තෘණ පරාග සමය අභියෝගාත්මක විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තෘණ වර්ධනයේ ද ශීඝ්‍ර වර්ධනයක් පැවතිය හැකියි.
මේ හේතුවෙන් ජනතාවට මෙල්බන් පෝලන් වෙබ් අඩවිය පරීක්ෂා කිරීමට හෝ මෙල්බන් පෝලන් කවුන්ට් යෙදුම භාවිත කර තොරතුරු ලබා ගැනීම මගින් අනවශ්‍ය ශ්වසන අපහසුතා මඟහරවා ගැනීමට හැකි බවයි දැනුම්දෙන්නේ.