
ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් කාලගුණ වාර්තා රැස් කිරීම ආරම්භ වූ දිනයෙන් පසු වැඩිම උණුසුමක් වාර්තා වූ දෙවන ඔක්තෝබර් මාසය පසුගිය මාසය බව අනාවරණ වී තිබෙනවා.
මීට වසර 114කට පමණ පෙර වාර්තා ආරම්භ වූ දිනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි දෙවන උණුසුම්ම ඔක්තෝබර් මාසය පසුගිය මාසය බවයි සඳහන් වන්නේ.
කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් රට පුරා කාලගුණ මධ්‍යස්ථාන සිය ගණනකින් එකතු කරන ලද දෛනික උෂ්ණත්ව සාමාන්‍ය දත්ත අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අංශක 2.51 කින් වැඩි බව අනාවරණය වී තිබෙනවා.

දේශගුණික විපර්යාසවල බලපෑම මෙමගින් පිළිබිඹු වන අතර ඔස්ට්‍රේලියාව පුරා උෂ්ණත්වය සාමාන්‍යය අගයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගිය 9 වැනි මාසය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ පසුගිය මාසයේ උෂ්ණත්වය සාමාන්‍යය අගයට වඩා අංශක 2.7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ටස්මේනියාව හැර අනෙක් සෑම ප්‍රාන්තයකම පසුගිය ඔක්තෝබර් මාසයේ උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අවම වශයෙන් අංශක දෙකකින් පමණ ඉහළ ගිය බව සඳහන්.
ඔක්තෝම්බර් මාසයේ වර්ෂාපතනය මෙල්බර්න් සහ සිඩ්නි නගරවල සාමාන්‍ය අගයට වඩා සුළු වශයෙන් අඩු වූ අතර ඇඩිලේඩ්, කැන්බරා සහ හෝබාර්ට් හි සාමාන්‍යය තත්වයේ පැවතුණා.