Search

මෙල්බන් කප් සමග සංචිත බැංකුවෙන් ජනතාවට අද සහනයක්?

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව (RBA) දෙදින රැස්වීම අදින් අවසන් කරන විට පොලී අනුපාත සියයට 4.35 හි රඳවා තබා ගනු ඇතැයි බොහෝ දෙනෙක් පුරෝකතනය කර තිබෙනවා.

මෙල්බර්න් කුසලාන දින සහන කිහිපයක් උකස් හිමියන් බලාපොරොත්තුවෙන් පසුවන බව සදහන්.

බොහෝ ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ දැනට පවතින අගය නත්තලට පෙර කිසිදු පොලී අනුපාත කප්පාදුවකට අවස්ථාව නොමැති බවයි.

පාරිභෝගික මිල දර්ශකය සියයට 2.8 දක්වා පහත වැටී තිබියදීත් පොලී අනුපාතය පහත වැටීමක් බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටින බව සදහන්.

රජයේ බලශක්ති වට්ටම් සහ පෙට්‍රල් මිල පහත වැටීම හේතුවෙන් ප්‍රධාන උද්ධමනය තියුනු ලෙස මන්දගාමී වූ අතර සංචිත බැංකු ප්‍රධානි මිචෙල් බුලොක් පවසන්නේ  උද්ධමනය තිරසර අගයක පවත්වාගැනීම අපේක්ෂාව බවයි.

කෙසේ වෙතට්ග් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරක් ANZ, Commonwealth, NAB සහ Westpac  විසින් 2025 පෙබරවාරි මාසයේදී අනිවාර්ය සහනයක් ජනතාවට ලබාදිය හැකි බවයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »