Search

NT Australian Of The Year මෙවර ශ්‍රී ලාංකිකයෙකුටත්

Northern Territory (NT) ප්‍රාන්ත රජය විසින් පිරිණමන Australian of the year මෙවර ප්‍රධානය සදහා ශ්‍රී ලාංකිකයකෙක් නිර්දේශ වී තිබෙනවා.

ඒ අනුව Nilesh Dilushan නම් ශ්‍රී ලාංකික තරුණයා

NT ප්‍රාන්ත වසරේ  තරුණ ඔස්ට්‍රේලියානුවා යන සම්මානය සදහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.

NT ප්‍රාන්තයේ Australian of the year සම්මානය කාණ්ඩ 4ක් යටතේ මෙවර හිමිවෙන අතර Nilesh නිර්දේශ වී ඇත්තේ ප්‍රාන්තයේ තරුණ ඔස්ට්‍රේලියානුවා යන කාණ්ඩයට වීම සුවිශේෂි කරුණක්.

තවද Nilesh Dilushan ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාව හිමිකරගෙන සිටින අයෙක්.

Nilesh Dilushan විවිධ පසුබිම්වල ඔස්ට්‍රේලියාවේ සිටින තරුණ තරුණියන් තම ප්‍රජාවට සේවය කිරීමට පෙළඹවීමක් සහ ඔවුන් එක් කිරීමට කටයුති කිරීම අතින් ප්‍රාන්තය තුළ කැපී පෙනෙන සේවයක් සිදුකර තිබෙනවා.

ඔහු NT හි නොයෙක් Volunteer සේවාවන්හි නිරත තරුණයෙක් වන අතර FINSMART සහ Jumpstart වැනි වැඩසටහන් සංවිධානය කරමින් සංක්‍රමණික තරුණ ප්‍රජාවට රැකියා සොයා දීම් වැනි නොයෙක් වැඩසටහන් සාර්ථකව සිදුකර තිබුණා.

විශේෂයෙන් භාෂාව හේතුවෙන් නොයෙක් අපහසුතාවන්ට පත් සංක්‍රමණික ප්‍රජාවට ඔහු කළ සේවය අගයමින් Nilesh Dilushan මෙවර NT ප්‍රාන්තයේ වසරේ තරුණ ඔස්ට්‍රේලියානුවා ලෙස නිර්දේශ වී තිබෙනවා.