Search

ව්‍යාජ Meme එකක් නිසා වික්ටෝරියා කවුන්සිල් ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි ?

2024 වික්ටෝරියානු ප්‍රාන්ත Council මැතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමට නියමිත පසුබිමක Latrobe නගර සභා අපේක්ෂක (Councillor) Tracie Lund ට එරෙහිව අපහාසාත්මක Meme නිර්මාණයක් Facebook හි පලකර තිබෙන බවට වාර්තා වනවා.

මෙම Meme නිර්මාණයේ දී Tracie Lund ව සෑම විටම අපහාසාත්මක සහ හාස්‍ය උපදවනසුලු නිර්මාණයන්ගෙන් සකස් කර තිබීම කාගේත් අවදානයට ලක්වුණා

මෙම Meme නිර්මාණය පළ කර ඇත්තේ ඉන්දියාවේ පොන්ඩිචෙරි හි ලිපිනයක් සදහන් කර ඇති ව්‍යාජ Facebook ගිණුමකින් බවයි වාර්තා වන්නේ.

මෙම ව්‍යාජ Facebook ගිණුම නිර්මාණය කර ඇත්තේ Latrobe නගර සභා මැතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් බව ක්වින්ස්ලන්ඩ් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්ය Timothy Graham විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ගිණුම උපයෝගී කරගෙන මැතිවරණය සදහා ඉදිරිපත් ව සිටින අපේක්ෂකයන් කිහිප දෙනෙකුම විවේචනය කට තිබෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

වික්ටෝරියානු මැතිවරණ කොමිසම අන්තර්ජාලය හරහා ඉදිරි සති කිහිපයේදී මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »