Search

කමලා ද? ට්‍රම්ප් ද? තීරණාත්මක ඡන්දය අද

ඉදිරි වසර 4 ක කාලය සදහා ඇමෙරිකාවේ රාජ්‍ය නායකයා කවුරුන්ද යන වග තීරණය කරන ඇමෙරිකානු ජනාධිපතිවරණය අද (05) දිනයේදී පවත්වනු ලබනවා.

මෙවර ඇමෙරිකානු ජනපති සටනට Rupublican පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තරග වදින අතර Democratic පක්ෂය නියෝජනය කරමින් තරග බිමට පිවිසෙන්නේ වත්මන් උප ජනාධිපති කමලා හැරිස් වීම ද විශේෂත්වයක්.

වත්මන් ජනපති ජෝ බයිඩන් ජනපති සටනින් ඉවත්වීමෙන් පසුව උප ජනාධිපති කමලා හැරිස්ට Democratic පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමි වුණා.

පසුගිය ජූලි මාසයේදී පෙන්සිල්වේනියා හීදී පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්වුණු අතර එම සිදුවීමෙන් පසුව ඔහුගේ ජනප්‍රියත්වය ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.

මෙවර ජනාධිපතිවරණයේදී ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින්, ජෝර්ජියා, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා හා නෙවාඩා යන පාවෙන ඡන්ද සහිත ප්‍රාන්තවල ඡන්ද ප්‍රතිඵල තීරණාත්මක වන බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා කවුරුන්ද යන වග තීරණය කරන මෙම ජනාධිපතිවරණය ඉතාමත් තියුණු තරගයක් බවට පත් වන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »