සංචාරක පාකිස්තානු කණ්ඩායම සමග මෙල්බන් හීදී පැවති පළමු තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියානු නායක Pat Cummins පලමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 46 පන්දු 4 ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 203 ක් පමණක් වීම විශේෂත්වයක්.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 44 ක් ද නසීම් ෂා ලකුණු 40 ක් ද රැස්කිරීමට සමත් වුණා.
ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 33 පන්දු 3ක් තුළ ජයග්‍රාහී ලකුණු 203 සීමාව පසුකර යෑමට සමත් වීම කැපී පෙනුණා.
ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Steven Smith ලකුණු 44 ක් ද Josh Inglish ලකුණු 49ක් රැස්කිරීමට සමත් වුණා.
දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය නොවැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිතයි.