Search

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිය ජනතාව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දින (3) ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා ලබා දෙන බව පවසා රැපියල් මිලියනයක් ලබා ගත් පුද්ගලයෙක් මේ වන විටත් මොරටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා පොලීසිය සදහන් කළේ.

මොරටුව පොලිස් ස්තානයට ලද පැමිණිල්ලක් අනුව පොලීසිය විමර්ශණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 64 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔස්ට්‍රේලියාවේ  රැකියා දෙන බවට පවසා සිදුකෙරෙන ජාවාරම් වලට හසු නොවන ලෙසයි ශ්‍රී ලංකා පොලීසිය ජනතාවට දැනුම් දී ඇත්තේ.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »