2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අද නිකුත්කළ නවතම වාර්තා අනුව 2023-24 වසරට අදාළව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයින්, ඔවුන් පැමිණි රටවල් මෙලෙස නම් කර තිබුණා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ඇතුලත්වීමද විශේෂත්වයක්.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 8 වන ස්ථානයයි
Skill සහ Family යන වීසා කාණ්ඩ අනුව ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙලෙස පුරවැසිභාව හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Skill යටතේ ශ්‍රී ලාංකිකයින් 4688ක් ද
Family යටතේ ශ්‍රී ලාංකිකයින් 975ක් ද ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාව හිමිකරගෙන තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීමේ අංක එකට පත්ව ඇත්තේ ඉන්දියාව වන අතර 49848ක් 2023-24 වසරේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව හිමිකරගෙන තිබෙනවා.
චීනය දෙවනි ස්ථානත් පිලිපීමය පිළිවෙළින් තුන්වන ස්ථානයත් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.
චීනයේ 21806ක්. පිලිපීන වැසියන් 11942ක් සහ නේපල වැසියන් 11506ක් පසුගිය මූල්‍ය වර්ශයේදී ඔස්ට්‍රේලියානු පුරවැසිභාව හිමිකරගෙන තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීමේ ඇෆ්ගනිස්ථානය 9 වන තැනටත් දකුණු අප්‍රිකාව 10වන ස්ථානයටත් නම් කර තිබෙනවා.