“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.
මෙම වසරේ අප්‍රේල් මස 13 වන දා සිදුවූ මෙම සාහසික සිදුවීමේ විශාල ඛේදවාචකයක් නවතා දැමූ පොලිස් පරීක්ෂක Amy Scott මෙම සම්මානය සදහා නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පුද්ගලයන් 12 දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.
තම ජිවිත අවදානම පිළිබදව ද නොතැකූ පොලිස් පරීක්ෂක Amy Scott හැකි ඉක්මනින් ඝාතකයා වැලැක්වීමට ක්‍රියාකිරීම නිසා සිදුවීමට ගිය ඝාතන රැසක්ම වැලකී ගිය බවයි වාර්තා වන්නේ.
ඇය සමග මෙම සම්මානය සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ සමාජ සේවිකාවක් වන Keth Koschel සහ තරුණ උපදේශකයෙකු වන Daniel Principe ද නිර්දේශ වී තිබෙනවා.