වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වසර එකහමාරක පමණ කාලයක් පුරා ආරක්ෂක අංශ විසින් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුවයි මෙම රසායනික ද්‍රව්‍ය වැටලීම සිදු කර ඇත්තේ.
ග්‍රැම්පියන්ස් හි Wimmera ප්‍රදේශයේ අක්කර 200ක පමණ විශාලත්වයකින් යුත් භූමියක වැටලීම සිදු කළ අතර අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මත්ද්‍රව්‍ය ටොන් 5ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවට හෙළිවී තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන කණ්ඩායමක් සම්බන්ධයෙන් සිදුකළ මෙම මෙහෙයුමේදී රසායනික ද්‍රව්‍ය ටොන් 10කට වැඩි ප්‍රමාණයකින් යුත් බහලුම් 50කට අධික ප්‍රමාණයක් හමුවී ඇති බව සඳහන්.
අනාරක්ෂිත ගිනි අවි, පතොරම් සහ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 59 හැවිරිදි පුද්ගලයෙකු පසුව මුදා හැර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.