මුහුණු ආවරණය කර ගනිමින් මෙල්බන්හි නිවසකට පැමිණි මන්කොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
මෙම මංකොල්ල කණ්ඩායම ඊයේ අලුයම 2ට පමණ Brookfield හි නිවසක ඉදිරිපස දොර කඩා නිවෙසට ඇතුල් වී ඇති බවයි වාර්තා වන්නේ.
තියුණු ආයුධ සහිතව මෙම මංකොල්ල කණ්ඩායම පැමිණ ඇති අතර නිවසට දැඩි අලහාභානි සිදු කර ඇති බව සදහන්.
එම පිරිස් නිවසේ අයටද තර්ජනය කර නිවසේ නිදියහනේ සිටි දරුවන්ට පවා පහරදීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නිවසේ කාන්තාව එම අවස්තාවේ දී කලබලයට පත්ව කෑගැසීමත් සමග මංකෝලල්කරුවන් ඉදිරිපස දොරෙන් පලා ගිය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසිය හමුවේ කියා සිටියා.
නිවසේ කිසිවෙකුටත් සිද්දියෙන් තුවාල සිදුව නැති අතර කිසිදු වටිනා භාණ්ඩයක් මංකොල්ලකරුවන්ට රැගෙනයෑමට අවස්ථාව හිමිව නැහැ.