කොරෝනා සඳහා දේශීය ඖෂධයක් ප්‍රවර්ධනය කළ ජනාධිපති මදුරෝට ෆේස්බුක් තහංචියක්

කොවිඩ් 19 සුව කළ හැකි බව පවසමින් දේශීය ශාකසාර ඖෂධයක් හඳුන්වා දුන් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ ගේ ෆේස්බුක් පිටුවට තහංචියක් පනවා තිබේ.

මේ අනුව දින 30ක් ගතවන තුරු ජනාධිපති මදුරෝ ට තම ෆේස්බුක් පිටුවේ කිසිවක් පළ කළ නොහැකිය.

thyme නමැති පලෑටියක සාරය යොදා ගනිමින් තනා ඇති එම ඖෂධය මගින් කොවිඩ් 19 සුව කළ හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජනවාරියේදී ය. නමුත් එම ඖෂධයෙන් කොවිඩ් 19 සුව වන බවට මේ දක්වා සනාථ වී නොමැත.

ෆේස්බුක් සමාගම පවසන්නේ කොරෝනාවෛරසය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාරයන් පළකිරීම වැලැක්වීම සඳහා පනවා ඇති ප්‍රතිපත්ති මාලාව ජනාධිපති මදුරෝ විසින් පුනපුනා උල්ලංඝනය කර ඇති බවය.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »