Search

ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට

හදිසි රෝගී තත්ත්වයකින් ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලට

රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කළේ හදිසියේ හටගත් රෝගී තත්වයක් හේතුවෙන් හිටපු ඇමතිවරයා මෙලෙස ජාතික රෝහලට මාරු කෙරුණු බවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ද පසුගියදා තීරණය කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරු ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »