Search

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අතර ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් ලෙස පත් කල චිත්‍රාංගනී වාගිෂ්වරද සිටින බවයි වාර්තා වන්නේ.

මේ බව දැනුම් දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන විසින් බව සදහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස පත් කරන ලද හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස්,

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කරන රෝහිත බෝගොල්ලාගම.

ඉන්දීය මහකොමසාරිස්,ජපානයේ තානාපති, මැලේසියාවේ මහ කොමසාරිස් ද මේ අතර සිටින බවයි වාර්තා වන්නේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති, කෙන් යාවේ මහ කොමසාරිස්, සීෂෙල්ස් මහකොමසාරිස්, කියුබාවේ තානාපති ද ඒ අතර වනවා

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »