2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.
2025 වසරේදී ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාවලට අධ්‍යයන කටයුතු සදහා ඇතුලත් වන ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙල්බන් විශ්ව විද්‍යාලය, නිව් සවුත් වේල්ස් විශ්ව ව්ද්‍යාලය සහ බටහිර සිඩ්නි විශ්ව විද්‍යාලය 2025 අධ්‍යයන වර්ෂය සදහා ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තුව 7% කින් ඉහල දමන බවයි සදහන් වන්නේ.
2025 වසර සදහා රජය විසින් යෝජිත ජාතික සැලසුම් ක්‍රියාවලිය යටතේ විශ්ව විද්‍යාල සදහා ජාත්‍යන්තර සිසුන් 270,000 ක් පමණක් බදවාගැනීමට සැලසුම් කර තිබෙනවා.
මෙම වසර ආරම්භයේදී ඔස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා බලපත්‍ර ගාස්තුව ඩොලර් 710 සිට ඩොලර් 1600 දක්වා වැඩිකර තිබෙන පසුබිමක රජය විසින් මෙම තීරණය ගැනීම ද විශේෂත්වයක්.
මෙම ක්‍රියාවලිය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු සදහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ ජීවන වියදමේ ඉහල යෑමක් සිදුවන බව සදහන්.