මිනිස් භාරයේ සිටි ලොව විශාලතම කිඹුලා ලෙසට සැලකෙන “කැසියස්” ඔස්ට්‍රේලියාවේ වනජීවී අභයභූමියකදී මිය ගොස් තිබෙනවා.
අඩි 18ක පමණ දිගකින් සහ ටොන් එකකට ආසන්න බරකින් යුත් මෙම සත්වයාගේ වයස අවම වශයෙන් අවුරුදු 110ක් පමණ වන බවයි සැලකෙන්නේ.
1987 වසරේදී පමණ නෝර්තන් ටෙරිටරි හිදී අල්ලා ගත් දිනයේ සිට මෙම සත්වයා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වූ දූපතක අභයභූමියේ ජීවත් වෙමින් සිටියා.
ඊට පෙර වනාන්තරයේ ජීවත් වූ මෙම දැවැන්ත කිඹුලා ගවයන් අල්ලා ආහාරයට ගැනීමට සහ බෝට්ටුවලට පහර දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වී තිබුණා.
මිනිස් භාරයේ සිටින විශාලතම කිඹුලා සඳහා වන ගිනස් ලෝක වාර්තාවට මෙම සත්වයා හිමිකම් කියනු ලැබුවේ 2011 වසරේදීයි.
මෙම දැවැන්ත සත්වයාගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් මැරීන්ලෑන්ඩ් මෙලනීෂියා ක්‍රොකඩයිල් හැබිටැට් ආයතනය කියා සිටියේ කැසියස් තම පවුලේ ආදරණීය සාමාජිකයෙක් බවයි.
එහි නිර්මාතෘ ජෝර්ජ් ක්‍රේග් විසින් 1987 දී කැසියස් මිලදී ගෙන තිබූ අතර ඔහු පසුගිය මාසයේ කෙයාර්න්ස් වෙත නැවත පදිංචියට යාමෙන් පසුව කැසියස්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහුණු බව අදාළ නිවේදනයේ සඳහන්.