වසර ගණනාවකින් පසු ස්පාඤ්ඤයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 200 ඉක්මවා ගොස් තිබෙනවා.
පුද්ගලයින් 211ක් මේ වන විට මිය ගොස් ඇති බව තහවුරු වනවා.
ඩ්‍රෝනා යොදා ගනිමින් ගලවාගැනීමේ නිලධාරින් 1200ක් පමණ මේ වන විටත් සහන මෙහෙයුම්වල නිරතවන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සහන සේවා අංශ 10000කට වැඩි පිරිසක් මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරතවන බව සදහන්.
විපතට පත් වූවන් නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය Pedro Sánchez ද එක්වී ඇති අතර අවශ්‍ය සහන කටයුතු කඩිනමින් සලසන ලෙසයි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
කෙසේ වෙතත් සංවර්ධිත යුරෝපීය රටක් වන ස්පාඤ්ඤයේ ගංවතුර ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාවට දැනුවත් කිරීම සඳහා නිලධාරීන් අපොහොසත් වීම පිළිබඳව කනස්සල්ලක් මතුව තිබෙනවා.
මේ වන විට මෙම අධික ගංවතුර තත්වයෙන් ඇතිවී තිබෙන හානිය පිළිබඳව ගණනය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නමුත් අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව නිවැරදිව සඳහන් කළ නොහැකි බවයි බලධාරීන් පවසා ඇත්තේ