තිසර ලොව 09 වැන්නා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය.

ඩිල්හාන් කුරේ විසින් යවන ලද පන්දුවාරයක එම හයේ පහර 6 එල්ල කළ තිසර පන්දු 13 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

පන්දුවාර 41 ක තරගයක් ලෙසින් පැවැති එම තරගයේදී තිසරගේ දක්ෂතාවය හේතුවෙන් කඩුලු 3 කට ලකුණු 318 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ.

තිසර විසින් වාර්තා කරන ලද එම අර්ධ ශතකය දේශීය තරග ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය බවටද පත්විය.

හයේ පහර 8 කින් සමන්විත වුණු තිසරගේ ඉනිමට ප්‍රථම තුන් ඉරියව් ක්‍රීඩක කෞෂල්‍ය වීරරත්න පන්දු 12 කදී අර්ධ ශතකය වාර්තා කරමින් වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාවට හිමිකම් කියන්නේ.

පළමු පෙළ පිටියේදී එකම පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසින් තිසරගේ නම වාර්තා පොත් අතරට එක් වන්නේය.

ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, රවී ශාස්ත්‍රි, හර්ෂල් ගිබ්ස්, යුවරාජ් සිං, රොස් වයිට්ල්, හස්රතුල්ලා සසායි, ලියෝ කාටර් සහ කිරන් පොලාර්ඩ් තිසර පෙර හයේ පහර 6 ක් එල්ල කර ඇති පිතිකරුවෝ වෙති.

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »