2030 වසර වන විට කසල බැහැර කිරීමට පවතින ඉඩ ප්‍රමාණය අවසන් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින් සිඩ්නි නගරය අපද්‍රව්‍ය අර්බුදයක ආසන්නයේ සිටින බවට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය අනතුරු අඟවා තිබෙනවා.
සිඩ්නි හි පැවති නිව් සවුත්වේල්ස් ආර්ථික සමුළුවේදීයි ප්‍රාන්තයේ අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍ය පෙනි ශාර්ප් සහ පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි චැපල් විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ.
නව අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ විසඳුම් හඳුන්වා නොදෙන්නේ නම් ග්‍රේටර් සිඩ්නි හි කසල බැහැර කිරීමේ භුමි ධාරිතාව ඉදිරි දශකය තුළ අවසන් වනු ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා.
හදිසි පියවරක් නොගතහොත් වසර කිහිපයකින් කසල බඳුන් එකතු කිරීමට නොහැකි වනු ඇති බව ෂාප් සඳහන් කළා.
මේ හේතුවෙන් ඒවා බැහැර කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රදේශවලට හෝ වෙනත් ප්‍රාන්තවලට ප්‍රවාහනය කිරීමට සිදුවනු ඇති බැවින් සිඩ්නි ජනතාවට අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සැලකිය යුතු ලෙස වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ අපද්‍රව්‍ය පිරිවැය ද ඉහළ යන අතර එමගින් ඉදිකිරීම් කර්මාන්තය ද මන්දගාමී වනු ඇති බව සඳහන්.
පසුගිය රජයන් විසින් මෙම ගැටලුව පිළිබඳව දැනුවත් කරන ලද අතර දශකයකට වැඩි කාලයක් තිස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම මෙම තත්වයට හේතුව බවයි අපද්‍රව්‍ය සහ ප්‍රතිචක්‍රීකරණ තත්ත්වය පිළිබඳ පරිසර අමාත්‍යවරිය කියාසිටියේ.
නිව් සවුත් වේල්ස් හි කසල ප්‍රතිචක්‍රීකරණ කිරීමේ අනුපාතය ද පසුගිය වසර කිහිපය තුළ සිට සියයට 65ක ස්ථාවර මට්ටමක පවතින අතර 2030 වන විට සියයට 80ක ඉලක්කයට යාමට අපහසු වනු ඇති බවට ද මත පළවී තිබෙනවා.