Search

Fake AI නිර්මාණ ගැන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

AI තාක්ෂණය හරහා නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ Audio හරහා වංචනික කටයුතු සිදුවන බවට පර්යේෂණවලින් හෙලිවී තිබෙන පසුබිමක එවැනි ක්‍රියාකාරකම්වලින් ප්‍රවේශම් වන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

“Deepfakes” ලෙස හදුන්වන මෙමගින් යම් පුද්ගලයෙකු නොපැවසූ සහ නොකළ දේවල් AI තාක්ෂණය ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කරන බව සදහන් වෙනවා.

මෙම තාක්ෂණය උපයෝගී කරගනිමින් වංචනිකයන්ට ව්‍යාපාරිකයන් සහ පාරිභෝගියන් රවටා මුදල් වංචා කළ හැකි බවටයි වාර්තා වන්නේ.

“MasterCard Australasia” දත්ත වාර්තා පෙන්වා දෙන්නේ වෙනදාට සාපේක්ෂව ඔස්ට්‍රේලියානුවන් මෙම අවදානමට ලක්ව සිටින බවයි.

පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් 36% ක් පමණ මෙවැනි වංචාවන් සදහා හසුවී ඇති බවත් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 20% කට පමණ ව්‍යාජ AI නිර්මාණ හරහා තර්ජන එල්ල කර තිබෙන බවත් සදහන් වෙනවා.

“Mastercard Australasia” හි ආරක්ෂක විසදුම් අංශයේ උප සභාපතිනිය වශයෙන් කටයුතු කරන Mallika Sathi ප්‍රකාශ කර තිබුණේ මෙවැනි වංචාවන්ට ගොදුරු වූ බොහෝ දෙනෙක් තමන් ඉලක්ක බවට නොදැන සිටි බවයි.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »