රුපියල තවදුරටත් පහළට – ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද – AusLanka TV – Australian News for the Sri Lankan community

රුපියල තවදුරටත් පහළට – ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද

රුපියල තවදුරටත් පහළට – ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 201.77 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහන පෙන්වා දේ.

මෙය මෙතෙක් ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වූ ඉහළම විකුණුම් මිල වේ.

මහ බැංකුවට අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 197.28 කි.

පසුගිය මාර්තු 17 දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 201.75 ක් දක්වා ඉහළ යාම මීට පෙර වාර්තා වූ වැඩිම අගය වේ.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 203.28 ක්, මහජන බැංකුව රු. 204.03 ක්, කොමර්ෂල් බැංකුව රු. 201.90 ක් හා සම්පත් බැංකුව රු. 202.50 ක් ලෙසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

COMMENTS