ඉදිරි දින කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල සමාන්‍ය උෂ්ණත්වයේ ඉහල යෑමක් සිදුවන බව වාර්තා වී තිබෙනවා.
කුයින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Fraser වෙරළ , Wide Bay සහ Burnett ආදී ප්‍රදේශවල කුණාට තත්වයන් ඇතිවිය හැකි බවත් පසුව එම කාලගුණික තත්වය උතුරු දෙසට ගමන් කරන බවත් සදහන් වෙනවා.
“Alice Springs” ඇතුලු ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශවල දින කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ විය හැකි බවටයි වාර්තා වන්නේ.
ඇඩිලේඩ් හි අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාවට ළඟාවීමට වැඩි ඉඩක් පවතින බවයි දැක්වෙන්නේ.
නැගෙනහිර අයර් අර්ධද්වීපය, යෝර්ක් අර්ධද්වීපය, රිවර්ලන්ඩ් සහ මරේලන්ඩ් ඇතුළු දකුණු ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට ලැව්ගිනි අවදානම් පවතින බවට වැඩිදුරටත් සදහන්.
මෙම උණුසුම් කාලගුණික තත්වය හෙට දිනයේ සිඩ්නි වෙතද සදුදා සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගිණිකොණ දෙසට ගමන් කරන බවටයි වාර්තා වන්නේ.